Monday 20 August 2012

ඔස්ට්‍රේලියා යන්න හැදූ තවත් පිරිසක් දැලේ

නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ දැරූ පුද්ගලයින් 83 දෙනෙක් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අද අලුයම නාවික හමුදා අත්අඩංගුවට පත්වූහ. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසූ පරිදි එම පිරිස අත්අඩංගුවට පත්වූයේ ත්‍රිකුණාමලයේ සිට නාවික සැතපුම් 15ක් පමණ එපිට මුහුදේදී ය. අත්අඩංගුවට පත්වන විටි යාත්‍රා දෙකකින් ඔවුහු ගමන් කරමින් සිටියහ. අත්අඩංගුවට පත්වූවෝ ත්‍රිකුණාමලය, මුතූර්, මඩකලපුව, හබරන, බලංගොඩ, බුලත්සිංහල, යාපනය සහ තොටළඟ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

No comments:

Post a Comment