Monday 10 September 2012

දියමන්තිය අධිකරණය හමුවට

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේ පැවති මැණික් හා ස්වර්ණාභාරණ ප්‍රදර්ශනයේදී චීන ජාතිකයෙකු ගිල දැමූ රුපියල් ලක්ෂ 18 ක් වටිනා දියමන්තිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සංගප්පුලි මහතා ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරියට අද නියෝග කළේ ය. ඒ, කුරුඳුවත්ත ‍පොලීසිය දැනට කොළඹ ජාතික රෝහලේ දැනට ප්‍රතිකාර ලබමින් සිටින එම චීන ජාතිකයාගේ උදරයේ තිබී ලබා ගත් දියමන්තිය අධිකරණයට ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමකට අනුවයි. සැකකරු ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

No comments:

Post a Comment