Monday 10 September 2012

අකුරැස්සේ සභාපතිට ඇප

බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ තවත් පුද්ගලයකු ඇප මත මුදා හැරිණ. එලෙස ඇප නියම වූයේ, අදාළ සැකකරුවන් දෙදෙනා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවට අද යළි ඉදිරිපත් කළ අවස්ථාවේදීය. සැකකරුවන්ට එරෙහිව පැමිණිලි 4 ක් පවරා තිබූ අතර එම පැමිණිලි 4 සඳහා රුපියල් එක් ලක්ෂ 75, 000 ක මුදල් ඇප සහ රුපියල් තුන්කෝටි හතළිස් ලක්ෂයක ශරීර ඇප නියම කෙරිණ. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසයි. ඊට අමතරව සෑම ඉරිදා දිනකම මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ පෙනී සිටින ලෙස ද අධිකරණය සැකකරුවන්ට නියෝග කළේය.

No comments:

Post a Comment