Sunday 9 September 2012

ගුවන්තොටේදී රන් කිලෝව සිරුරින් ඉවතට

රුපියල් 60 ලක්ෂයකට අධික රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන තිබේ. ගුවන් තොටුපොළ රේගුව පැවසුවේ, එම පුද්ගලයා රත්‍රං බිස්කට් 08 ක් සිරුරේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බයි නුවර බලා රැගෙන යාමට තැත්කර ඇති බවය. එම රත්‍රං තොගයේ බර කිලෝ ග්‍රෑම් එකකට අධික වේ. අත්අඩංගුවට ගත් සැකකරු කොම්පඤ්ඤ වීදියේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු රුපියල් ලක්ෂයක දඬයක් මත මුදා හැර ඇති අතර රත්‍රං තොගය රාජසන්තක කර තිබේ.

No comments:

Post a Comment