Monday 22 October 2012

කුඩාවැල්ලෙන් මුහුදුගිය ධිවර යත්‍රාවක් පැහැරගත් 14 කට වරෙන්තු

කුඩාවැල්ලෙන් මුහුදුගිය ධිවර යත්‍රාවක් පැහැරගත් බව පැවසෙන සැකකරුවන් 14 දෙනෙකුට ආගමන හා විගමන පනත යටතේ වරෙන්තු නිකුත් කර තිබේ. මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණේ තංගල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව ය. ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇති ව එම එම වරෙන්තු ක්‍රියාත්මක කරවීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. පසුගිය 14 වෙනිදා‍ කුඩාවැල්ලෙන් ධීවරයින් 06 දෙනෙකු මුහුදු‍ගොස් ඇති අතර තවත් යාත්‍රාවකින් පැමිණි පිරිසක් එම ධීවරයින්ට පහරදී ඔවුගේ යාත්‍රාව පැහැරගෙන ගොස් තිබුණි. පොලීසිය පැවසුවේ, සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙකු දිවි ගලවාගත් බවත් අනෙක් පුද්ගලයින් පිළිබදව මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව ය.

No comments:

Post a Comment