Monday 22 October 2012

ඔබ නැතිදා අපට සරණක් නැතුවා

මිතුන් පුතා - 02 බෝට්ටුව ධීවරයින් 5 දෙනෙකු සමග මුහුදු ගොස් මාස 2 ට ආසන්න කාලයක් ගතවී ඇත. දින 15 ක මුහුදු ගමනක් වූ මෙම ගමන හමාර කිරීමට බොහෝ සෙයින් කාලය තිබිය ද තවදු එකී ගමන පිළිබඳ හෝ ධීවරයින් පිළිබඳ හාන්කසිවියක හෝඩුවාවක් නොමැත. පසුගිය අගෝස්තු 30 වනදා දියඹට ගිය එකී බෝට්ටුවත් සමග මෙලෙස අතුරුදන් වූ සිය සැමියා මෙන්ම පියාණන් එනතුරු මඟ බලා සිටින මව හා දරුවන් වනාතවිල්ලුව, පේරක්කුලිය නිවසේදී ඇස ගැටුණේ මේ අන්දමිනි.

No comments:

Post a Comment