Monday 22 October 2012

පස් අතරේ සැඟවුනු අචින්ත්‍යාගේ සිරුර හමු වෙයි

අත්තනගල්ල, අලවල මහකන්ද බුළුගහලන්ද ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි දෙහැවිරිදි දැරියගේ සිරුර සොයා ගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.එච්. අජිත් නිශාන්ත මහතා පැවසුවේ, නාවික හමුදාව සහ ප්‍රදේශවාසින් එක්ව කළ මෙහෙයුමකින් අනතුරුව සිරුර සොයා ගත් බවය. අද උදෑසන සොයා ගත් අචින්ත්‍යා දිව්‍යාංකනීගේ සිරුර මේ වන විට වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇත. ඊයේ පස්වරුවේ සිදු වූ එම අනතුරින් තුවාල ලැබූ දැරියගේ මව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

No comments:

Post a Comment