Saturday 20 October 2012

බිරිඳ මරා සැමියා පලා යයි

බදුල්ල, දෙමෝදරවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, ඊයේ රාත්‍රි 8.00ට පමණ එම කාන්තාවගේ සැමියා අදාළ ඝාතනය සිදුකර ඇති බවට‍ තොරතුරු ලැබී ඇති බවය. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවට මුලික පොලිස් පරික්ෂණවලින් අනාවරණ වී තිබේ. සැකකරු ප්‍රදේශයේ පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

No comments:

Post a Comment