Thursday 4 October 2012

අද තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට

ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය සඳහා ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අද තරඟ බිමට පිවිසෙයි. ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ තරඟයේ වැඩි වාසි ශ්‍රී ලංකාව සතු බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පැවැත්වෙන 20/20 පළමු අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ සුපිරි වටයේ සහභාඟි වූ සියලු තරඟ ජයගනිමිනි. එහෙත් පාකිස්ථානය සුපිරි වටයේදි ජය ගත්තේ තරඟ 2 ක් පමණි.කෙසේ වෙතත් මීට පෙර කණ්ඩායම් දෙක අතර පැවැති 20/20 තරඟ අතරින් තරඟ 6 ක් පාකිස්ථානය ජයගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව තරඟ 3 ක් ජයග්‍රහණය කළේය. පාකිස්ථානය 20/20 ජාත්‍යන්තර තරඟ 63 කදී තරඟ 30ක් ජයගෙන ඇති අතර තරඟ 23 ක් පරාජය වී තිබේ. ඒ අනුව ඔවුන්ගේ තරඟ ජයගැනිමේ ප්‍රතිශතය 61.90% කි. ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරඟ 46 න් තරඟ 27ක් ජය ගෙන තිබෙන අතර තරඟ 18ක් පරාජය වී තිබේ. ඒ අනුව ඔවුන්ගේ තරගය ජයගැනීමේ ප්‍රතිශතය 59.78%කි. මෙවර තරගාවලියේ කණ්ඩායම් දෙක තරඟ 4 බැගින් ජයගෙන තිබෙන අතර පිතිකරුවන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරියෙන් පසුවන මහේල ජයවර්ධන අර්ධ ශතක 2ක් ද සමඟින් ලකුණු 168ක් රස්කර සිටී. කුමාර් සංගක්කාර රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 144කි. ලකුණු 144ක් ලබා සිටින නසීර් ජම්ශෙඩ් සහ ලකුණු 133ක් රැස්කර සිටින ඉම්රාන් නසීර් පාකිස්ථාන කණ්ඩායමේ පිතිකරුවන් අතර මෙම තරගාවලියේදි ලකුණු අතර සිටින ක්‍රීඩකයෝ වෙති. පන්දු ‍යැවීමේ අංශයෙන් ඉදිරියෙන් පසුවන අජන්ත මෙන්ඩිස් කඩුලු 9 ක් හා ලසිත් මාලිංග කඩුලු 8ක් ලබා සිටිති. කඩුලු 8ක් ලබා සිටින ෂහිඩ් අජ්මාල් පාකිස්ථාන කණ්ඩායමේ පන්දු යවන්නන් අතර පෙරමුණේ පසු වෙයි.

No comments:

Post a Comment