Friday 5 October 2012

දඹුල්ල උප නගරාධිපති අල්ලස් දැලේ

දඹුල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා හා තවත් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය. එම කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදී දඹුල්ල නගරයේ රාජ්‍ය බැංකුවක් අසලදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. ගොවි සංවිධානයක් වෙත මාර්ග කොන්ත්‍රාත්තු දෙකක් ලබාදීම සඳහා සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේය. ඒ අනුව එම මුදල ලබාගන්නා අවස්ථාවේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

No comments:

Post a Comment