Thursday 4 October 2012

අධෝ මාර්ගයේ සැඟවුණු රත්‍රං ගුවන්තොටේදී ඉවතට

නීතිවිරෝධීව රත්‍රං තොගයක් චෙන්නායි බලා රැගෙනයාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. රේගුව පැවසුවේ, එම පුද්ගලයා රුපියල් ලක්ෂ 35 ක් වටිනා රන් බිස්කට් 4ක් අධෝ මාර්ගයේ සඟවා රැගෙන යාමට තැත්කර ඇති බවයි. අත්අඩංගුවට පත් සැකකරු රුපියල් ලක්ෂයක දඩයකට යටත්ව මුදා හැර ඇති අතර රන් බිස්කට් 4 රාජසන්තක කර තිබේ. ඔහු අකුරණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. ඒ අතර, රුපියල් ලක්ෂ 16 ක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු ද අද අලුයම රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

No comments:

Post a Comment