Thursday 4 October 2012

සියඹලාණ්ඩුව පොලීසියට ප්‍රහාරයක්: 4කට තුවාලයි

ඊයේ රාත්‍රි 10.10ට පමණ කිසියම් පිරිසක් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් සියඹලාණ්ඩුවේ පොලීසියේ නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. පාමුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු පහර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසූවේ, පසුව පොලිස්ථානය තුළට පැමිණි තවත් කහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බවයි. පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment