Friday 5 October 2012

මාසික භාවිතය බිලියනය ඉක්මවයි

මසකට ෆේස්බුක් භාවිත කරන්නන් සංඛ්‍යාව බිලියනය ඉක්මවා තිබේ. එහි නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් රූපවාහිනි සාකච්ඡාවකදී පවසා ඇත්තේ, ෆේස්බුක් හරහා බිලියන ගණනාවකට සේවය කිරීමට හැකිවීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවයි. 2004 වසරේදී ආරම්භ කළ මෙය සමාජ සබඳතා වෙබ් අඩවියක් වන අතර මිලියන 600ක මිතුරන් ඊට ජංගම උපකරණ ඔස්සේ ප්‍රවේශ වේ. කලාප වශයෙන්ගත් කළ ෆේස්බුක් බහුලව භාවිත කරන්නේ, උතුරු අමෙරිකානු කලාපයේදීය. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 44%කි. පිළිවෙළින් ඕස්ට්‍රේලියා කලාපයේ 42%ක්, දකුණු අමෙරිකාවේ 34%ක්, යුරෝපයේ 30%ක්, හා අප්‍රිකාවේ 5%ක් ෆේස්බුක් භාවිත කරනු ලබයි. ආසියානු කලාපයේ ෆේස්බුක් භාවිත කරන්නන් සංඛ්‍යාව 7%කි.

No comments:

Post a Comment