Thursday 4 October 2012

ගින්නට හසු වූ දරුවා දිවියෙන් සමු ගනි

රාගම තේවත්ත පාරේ නිවසක අද අලුයම ඇති වු ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබු 11 හැවිරිදි දරුවා ජිවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන 10.00ට පමණ ඔහු මියගිය බවයි. අද අලුයම ඇති වු ගින්නෙන් තුවාල ලැබූ සිව්දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ. පොලීසිය පැවසුවේ ගින්නෙන් එකම පවුලේ මව,පියා, දියණිය සහ පුත්‍රයා තුවාල ලැබු බවයි. මව සහ පියා 35 හැවිරිදි වියේ පසු වු අතර තුවාල ලැබු දියණිය‍ගේ වයස අවුරුදු 9 කි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති.

No comments:

Post a Comment