Friday 5 October 2012

තරණය කරන්න තියෙන්නෙ එක කඩුල්ලයි

20 - 20 තරඟාවලියේ දී මේ දක්වා ක්‍රියාත්මක කළ සැලසුම් සාර්ථක වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි. ඔහු පවසන්නේ අවසන් අභියෝගයට ද සාර්ථකව මුහුණ දීමට තම කණ්ඩායම සූදානම් බවය. ලෝක කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී මහේල මේ බව ප්‍රකාශ කළේය. ’’අපි ඉතා හොඳින් අවසන් පූර්ව වටය දක්වා පැමිණියා. අපිට අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීම අනිවාර්ය කරුණක් වූණා. එසේ නොවුණානම් අපිට දැඩි කණගාටුවක් ගෙන දෙන කරුණක් වේවි. පාකිස්ථාන කණ්ඩායම හොඳ සැලසුමක් සමඟින් තරඟයට අවතීර්ණ වුනේ. ඔවුන් වැඩිපුර එක් පන්දු යවන්නෙක් යොදා ගත්තා. ඒ අනුව අපිට සිදුවුණා අපේ සැලසුම් වෙනස් කරන්න. අපි තීරණයකට ආවා පළමු පන්දුවාර 6 තුළ දී කඩුලු නොදී ක්‍රීඩා කරන්න. එහෙම අපි කළේ මන්දගාමී තණතීරුවක් නිසා. අපි කළ සැලසුම් මේ තරඟාවලිය පුරා ඉතා හොඳින් සිදුවුණා. අපිට තියෙන්නේ තවත් එක් කඩුල්ලක් තරණය කරන්න විතරයි. අපි අපේ හැකියාවන් අනුව ක්‍රීඩා කළ යුතුයි’’

No comments:

Post a Comment