Friday 5 October 2012

වැඩ වර්ජනය අතහරින්න නම් එකගතා අවශ්‍යයි

ඉදිරි‍යේදී පැවැත්වෙන සාකච්ඡාවලදී වැඩ වර්ජනය අතහැර යළිත් , සේවයට පැමිණීම සදහා රජයේ පාර්ශ්වයෙන් එකගතා කිහිපයක් අවශ්‍ය බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි මහලේකම් ආචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසුවේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සාකච්ඡාවකට ඇරයුම් කර ඇති බව ය. ’’ අපි ප්‍රතිපත්තිමය ගැටළු රැසක් ඉදිරිපත් කරලා තියෙනවා.ඒ ප්‍රතිපත්තිමය ඉල්ලීම් සඳහා අපට යම් කිසි රාමුවක් අවශ්‍යයයි.විශ්ව විද්‍යාල ස්වාධිපත්‍යයට අහිතකර චක්‍රලේඛ ලැයිස්තුවක් අපි එතුමාට යොමු කළා.සති කිහිපයකට කලින්.ඒ චක්‍රලේඛ හැකි ඉක්මනින් ඉවත් විය යුතුයි.හිඟ මාස තුනක වැටුප් සම්පූර්ණයෙන්ම ලැබිය යුතුයි.වැටුප් සම්බන්ධ ගැටළුවට ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා සමඟ සැප්තැම්බර් පස්වන දින පැවති සාකච්ඡාවේදී එතුමා සඳහන් කළා.මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව විසඳුමක් විදිහට යෝජනාවලියක් ඉදිරිපත් කරනවා කියලා.නමුත් එදයින් පස්සේ සාකච්ඡාවකට ඉඩක් ලැබුණේ නෑ.ඒ නිසා මේ සම්බන්ධයෙන් ඒ සියල්ලම සම්පූර්ණ වුනාට පස්සේ අපිට සාමාජිකත්වයේ එකඟතාව අනුව වැඩවර්ජනය නතර කිරීමට හැකියාව තිබෙනවා.’’

No comments:

Post a Comment