Saturday 20 October 2012

පෙර අකුසලයක් ගැන ඇමති කියයි

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් පසුගිය දා කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සිය සහෝදරයා පිළිබඳව අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසා සිටියේ ය. ඒ සඳහා අමාත්‍යවරයා පිළිතුරු සැපයීය. '' ඕනම පවුලක සමහර වෙලාවට එහෙම චරිත තියෙනවා. මේ සිද්ධිය දැනගත් ගමන්ම මම වනජීවී පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රදේශයේ වැඩකරන වනජීවී නිලධාරින් සියල්ලම පොළොන්නරුවේ මගේ කාර්යාලයට ගෙන්නුවා. ගෙනැල්ලා මම උපදෙස් දුන්නා වහාම අත්අඩංගුවට ගත යුතුයි. අත්අඩංගුවට ගන්නවා වගේම කාලයක් ඇතුළේ තියන්නත් ඕන. ඇප දෙන්නත් එපා කියලා හිටන්. සමහර වෙලාවට මම උපදෙස් දුන්නේ නැත්තන් මේක වහාම අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයට පත්කරන්න උසාවි දාන්න කියලා සමහර විට අද වෙනකනුත් ගන්න එකක් නැහැ. මන්ත්‍රීවරයෙක් විදිහට ඇමතිවරයෙක්, පාර්ලිමේන්තුවේ සභා නායකයා විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 12ක් ලේකම්වරයා විදිහට, එවැනි තනතුරු දරන්න මම පෙර ආත්මයේ කරපු පින් නිසා එවැනි තනතුරු මට ලැබිලා තියෙනවා. ඒ වගේම බෞද්ධයෙක් විදිහට මම විශ්වාස කරනවා පෙර ආත්මයේ අකුසල කර්ම කරලා තියෙනවා ඒ වගේ සහෝදරයෙක් හම්බවෙන්නත්.''

No comments:

Post a Comment