Friday 2 November 2012

13 ඉවත් කළොත් මම යනවා - ප්‍රභා ආණ්ඩුවට අනතුරු අඟවයි

13 වැනි සංශෝධනය ඉවත් කළහොත් ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතා පවසයි. එම සංශෝධනයට පක්ෂව කතා කරන ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ වැනි අමාත්‍යවරුන් රජයෙන් ඉවත් විය යුතු යැයි ජාතික හෙළ උරුමය ප්‍රකාශ කර ඇතැයි ද ප්‍රභා ගනේෂන් මහතා පෙන්වාදෙයි. යුද්ධය අවසන් වී එක්සත් රටක් තුළ බලය බෙදාගෙන සහයෝගයෙන් සිටිය යුතු අවස්ථාවක අමාත්‍ය විමල් වීරවංශ, ජාතික හෙළ උරුමය, වැනි පාර්ශව නැවතත් රට තුළ ජාතිවාදය ඇති කිරීමට උත්සහ දරන බවට ඔහු චෝදනා කරයි. කෙසේ හෝ රජය 13 වැනි සංශෝධනය ඉවත් කළ යුතුය යන්න කිසිවක් ප්‍රකාශ කර නැති බවද ප්‍රභා ගනේෂන් මහතා පෙන්වාදෙයි. යුද්ධය අවසන් වීම නිසා සියලු ජාතීන් සහයෝගයෙන් සිටිය යුතු අවස්ථාවක 13 වැනි සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කළහොත් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන බව ඔහු අවධාරණය කරයි.

No comments:

Post a Comment