Saturday 8 December 2012

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 10දා සංකේත වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයක නිරත වීමට ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන 10 වැනි දින එක් දින සංකේත වැඩ වර්ජනයක් සහ 17 වන දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව එම සංගමයේ උප ලේකම් සී.එස්.මුතුකුඩ මහතා සඳහන් කළේය. කාර්යාල දීමනාව සහ නිලඇදුම් දීමනාව වැඩිකිරීම, ඉන්ධන දීමනාවක් ලබා ගැනීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන බව මුතුකුඩ මහතා පැවසුවේය. වසර 02 ක පමණ කාලයක සිට මෙම ඉල්ලීම් ලබා ගැනීමට වෘත්තීය ක‍්‍රියාමාර්ගවල නිරතවුවද බලධාරීන් ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කර නොමැති බව ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment