Tuesday 4 December 2012

මහනුවර උතුර ඩිපෝවේ සේවකයින්ට මාස 2ක පඩි නෑ

මාස දෙකක වැටුප් නොගෙවීමට විරෝධය පළ කරමින් මහනුවර උතුර ඩිපෝවේ සේවකයින් පිරිසක් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. පසුගිය 30 වැනිදා ආරම්භ කළ වැඩ වර්ජනය සඳහා සේවකයින් 300 ක පමණ පිරිසක් එක්ව සිටින බව සඳහන්ය. පසුගිය ඔක්තෝම්බර් හා නොවැම්බර් මාස දෙකෙහි වැටුප් මෙන්ම කිසිදු දීමනාවක් මේ දක්වා ගෙවීමට පාලනාධිකාරිය පියවර ගෙන නොමැති බව ඩිපෝ සේවකයින් පවසයි. මේ හේතුවෙන් තමන් හා තම පවුල්වල සාමාජිකයින් දැඩි අපහසුතාවයකට මුහුණ පා සිටින බව ඔවුන් පෙන්වාදෙයි.

No comments:

Post a Comment