Tuesday 4 December 2012

ගැන්ග්නම් නර්තනය මිලියන 800 ක් නරඹයි

දකුණු කොරියානු රැප් ගායක සයි(Psy) විසින් ගයන ගැන්ග්නම් ස්ටයිල් (Gangnam Style) නැමැති ගීතයේ මිසුසික් වීඩියෝව යූ ටියුබ් වෙබ් අඩවිය හරහා ලොව වැඩිම පිරිසක් නැරඹූ ගීතය බවට වාර්තාවක් තබා ඇත. පසුගිය ජූලි මාසයේදී එළිදැක්වූ ගැන්ග්නම් ස්ටයිල් ගීතය මේ වන විට යූ ටියුබ් හරහා මිලියන 805 ක පිරිසක් නරඹා ඇති අතර එය මීට පෙර වැඩිම පිරිසක් නැරඹූ ගිතය ලෙස වාර්තා වූ ජස්ටින් බීබර්ගේ බේබී බේබී (Baby Baby) ගීතය නැරඹූ පිරිසට වඩා මිලියන 2 ක වැඩිවීමකි. ගැන්ග්නම් ස්ටයිල් ගීතයේදී ගායක සයි විසින් ඉදිරිපත් කරන අසුන් පදවන්නෙකු අනුකරණය කරන ආකාරයේ නර්තනය ලොව පුරා අතිමහත් ජනපි‍්‍රයත්වයක් අත්කරගත් අතර එම නිසාම දකුණු කොරියාවේ කලා හා සංස්කෘතික අංශයෙන් පිදෙන ඉහළම සම්මානය වන Okgwan Order of Cultural Merit දිනාගැනීමට ගායක සයි හට අවස්ථාව උදා විය.

No comments:

Post a Comment