Tuesday 4 December 2012

ගණිකා වෘත්තිය නීතිගත කරන්න කතා කරන මට්ටමට දේශපාලනඥයින් පිරිහිලා

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යෝජනා කරන ඇතැම් දේශපාලඥයින් ආධ්‍යාත්මික වශයෙන් පරිහානියට පත්ව ඇති බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ඡන්දයෙන් තේරී පත්වූ මහජන නියෝජිතයන් මෙතරම් පරාභවයකට ලක්වීම සමාජයට කැළලක් බව ද සෝභිත හිමියන් පැවසුවේය. මේ අතර භික්ෂු සමාජය අපකීර්තියට පත් කරන ශාසන විරෝධි වැඩපිළිවෙලක් මේවන විට ක්‍රියාත්මක බව උන්වහන්සේ සඳහන් ක‍ළේය. අන්‍යාගම්වල අනුදැනුම මත ඇතැම් පිරිස් භික්ෂූන්ගේ ගෞරවය කෙලෙසන ආකාරයෙන් කටයුතු කරන බව ද ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේය.

No comments:

Post a Comment