Saturday 8 December 2012

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 3 ක් තහවුරුවෙලා

අගවිනිසුරු,ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එල්ල වී තිබුණු දුෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විශේෂ වාර්තාවට අනුව අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා පහෙන් තුනක් ඔප්පු වී ඇති බව කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14 ක් පිළිබඳ ඇයට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝග යෝජනාවේ අන්තර්ගතව පැවති අතර එයින් චෝදනා 5 ක් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් විමර්ශනය කළ බව හෙතෙම කියා සිටියේය. ඒ අනුව එකී චෝදනා 5 න් 01, 04 සහ 05 යන චෝදනා තහවුරුවී ඇති බවත්, සෙසු චෝදනා දෙක සාක්ෂි නොමැතිවීම හේතුවෙන් විමර්ශනයට නොගෙන ඉවත් කළ බවත් හෙතෙම පෙන්වා‍ දෙයි. ඒ අනුව අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14 තුළ සෙසු චෝදනා විමර්ශනයට නොගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කියා සිටියේ චෝදනා 5න් 3 ක් තහවුරුවී ඇති බැවින් ඇය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට එය ප්‍රමාණවත් බවයි.

No comments:

Post a Comment