Friday 7 December 2012

රට රස්සා දෙන බව කියා මුදල් වංචා කළ කතකට වැඩ වරදියි

මැදපෙරදිග රැකියා සඳහා පිටත් කරන බවට පොරොන්දු දී රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවන් හය දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 4 ක පමණ මුදලක් ඇය විසින් වංචා කර ඇති බව හිදෝගම පොලීසිය පැවසුවේය. විවිධ ප්‍ර‍දේශවලට යමින් අදාළ කාන්තාව මුදල් වංචා කර ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ. ඇය අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment