Wednesday 5 December 2012

කාට කියන්නද මේ අපරාදේ...?

කලාතුරකින් දක්නට ලැබෙන මෙම දර්ශනය නෙත ගැටුණේ අද (04) පස්වරු 5.30 ට පමණ ගාල්ල, බස්නැවතුම්පල ඉදිරිපිට සමනල පාලම අසල කහ ඉර මතදීය. වයස අවුරුදු 45 ක් පමණ වන මෙම තැනැත්තිය වෙළඳාම් කළ කජු ලෑල්ල, ගාල්ල මහ නගර සභාව විසින් පසුගියදා ඉවත් කර තිබිණි. ඊට විරෝධය පාමින් සිය ජීවිකාව ලෙස පවත්නා එම කජු ලෑල්ල නැවත ලබාදෙන ලෙසට ඉල්ලා මෙම කාන්තාව මෙලෙස උපවාසයේ යෙදිණි. එහිදී නගරාධිපතිවරයා හමුවට ගෙන යන බවට පැවසූ පොලීසිය අදාළ කාන්තාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙලෙස උපවාසයේ යෙදී ඇත

No comments:

Post a Comment