Friday 7 December 2012

රජකුමරිය ගැබ් ගෙන

එංගලන්තයේ ඔටුන්න හිමි කුමරෙකු වන විලියම් කුමරුගේ බිරිද වන කේම්බි‍්‍රජ් හි ආදිපාදවරිය වන කේට් මිඞ්ල්ටන් කුමරිය ගැබ්ගෙන ඇතැයි ශාන්ත ජේම්ස් මන්දිර ප‍්‍රකාශකයෙකු පැවසීය. එලිසබෙත් මහ රැජින, චාල්ස් කුමරු ඇතුළු රජ පවුලේ සාමාජිකයන් මෙම සතුටුදායක පුවත ඇසීමෙන් ප‍්‍රමෝදයට පත්ව ඇතැයි රජ පවුලේ ප‍්‍රකාශකයා වැඩි දුරටත් පවසයි. සති කිහිපයකට පෙර ප‍්‍රංශ සගරාවක් විසින් උඩුකය නිරුවත්ව හිරු රැස් විදින කේට් කුමරියගේ ඡයාරූප කිහිපයක් තම සගරාවේ පල කිරීමෙන් පසු බලවත් අපහසුතාවයකට පත්ව සිටි කේට් කුමරිය පසුගිය සිකුරාදා තමා උගත් පාසැල වූ ශාන්ත ඇන්ඩෘ උසස් පාසලේ පැවති උත්සවයකට ප‍්‍රසිද්ධියේ සහභාගී වූ අතර පසුව ඇතිවූ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ලන්ඩනයේ රාජකීය එඞ්වඞ් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටි. වසර ගනනාවක් පෙමින් වෙලී සිටි කේට් හා විලියම් අතර විවාහය පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදී වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදි විචිත‍්‍රවත් ආකාරයට සිදුකරන ලදි.

No comments:

Post a Comment