Wednesday 5 December 2012

අගමැතිට හා දුමින්දට නිවාඩු අනුමතයි

අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන මහත්වරුන්ට තවත් මාස 3 ක නිවාඩු කාලයක් පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ. අදාළ යෝජනාව සභානායක,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි. ඒ අනුව දෙසැම්බර් මස 22 වන දින සිට තවත් මාස 3 ක් ඔවුන්ට පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගී නොවී සිටිය හැකිවෙනු ඇත. අඛණ්ඩව මාස 3 ක් පාර්ලිමේන්තුවට නොදන්වා සහභාගී නොවී සිටීම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවීමට හේතුවකි.

No comments:

Post a Comment