උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල නිකුත් කිරීමත් සමග අසාධාරණයට ලක් වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් එක්ව ඊයේ සහ පෙරේදා දිනවලදී දිවයින පුරා නගරවල උද්ඝෝෂණ සංවිධානය කළේය. මේ අතර අද (26) දහවල් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදීද උද්ඝෝෂණයක් පැවැත්විණි.
එය සංවිධානය කර තිබුණේ 2011 උසස් පෙළ විභාගයෙන් අසාධාරණයට ලක්වූ සිසු ජනතා එකමුතුව විසිනි. ලංකා ගුරුසේවා සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ඇතුළු සංවිධාන කිහිපයකගේ සහභාගිත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
No comments:
Post a Comment