Thursday, 26 July 2012

දකුණේ වෙඩි අහසට නැගුනු හැටි!

දකුණු පළාත් සභාවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් නිල නිවසේ ඊයේ(24)පැවති සාදයකදී සිදුවු වෙඩි තැබිම යට ගැසිම සදහා මහත් උත්සහයක් ගන්නා බව වාර්තා වේ.

ප්‍රධාන ලේකම් වරයාගේ ලබුදූවේ පිහිටි නිලනිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේ මෙම වෙඩි තැබිම සිදුව තිබේ. නමුත් අක්මිමන පොලිසිය සදහන් කර ඇත්තේ එවැනි කිසිදු වෙඩි තැබිමක් සිදුවි නැති බවයි.එහෙත් අසල්වැසියෝ ද පළාත් අමාත්‍ය ඩී.වී.උපුල් මහතා ද වෙඩි තැබීමක් සිදුවූ බව ස්ථිර වශයෙන්ම සදහන් කර තිබේ.

පොලීසිය කියනුයේ රතිඤ්ඤා පත්තුකරන්නට ඇති බවයි. අසල් වැසියන් පවසනුයේ රතිඤ්ඤා හඩෙත් වෙඩි හඩෙත් වෙනස තමන් දන්නා බවයි. වෙඩි දහසයක් නිකුත් වූ බව අසල්වැසියන්ගේ තක්සේරුවයි.

වෙඩි තැබීමක් සිදුවනු තමුන් සියැසින් දුටු බව ඊට යාබද නිවසක වෙසෙන දකුණු පළාත් සමුපකාර අමාත්‍ය ඞී.වී. උපුල් මහතා කියනුයේ ඇමතිවරයකුගේ සමීප ඥාතියකු ටී 56 කින් වෙඩි කිහිපයක් තැබූ බවයි.

වාර්තාවන ආකාරයට ඊයේ සාදයට සහභාගිවු මන්ත්‍රිවරුන්, දකුණු පළාතේ ඇමතිවරයෙකු සම්බන්ධ කරුණක් හාස්‍යයට ලක් කිරිම දුරදිග යෑම හේතුවෙන් මෙම අර්බුදය හට ගෙන ඇති බවත් එ සමගම එම ස්ථානයට පැමිණි අදාල දකුණු පළාත් ඇමතිවරයාගේ සමීප ඥාතියෙකු මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවයි.

අදාළ දකුණු පළාත් ඇමතිවරයා වසර ගණනාවක් යුරෝපයේ ජිවත් වි සිට පසුව අවසන් වරට පැවති දකුණු පළාත් සභා මැතිවරණයට තරඟ කර ජයගත් අදාල ඇමතිවරයා ගේ ක්‍රියාකලාපය අනෙක් මන්ත්‍රිවරුන්ට දීරවන්නේ නැති බවද වාර්තා වේ. ඒ හෙතුවෙන් අනෙකුත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් අදාල මන්ත්‍රිවරයාට උසුළු විසුලු කිරිම සහ හාස්‍යයට ලක්කිරිම නිරන්තර සිදුවන බවද වාර්තා වේ. ඊයේ පැවති සාදයෙ දී මෙම තත්ත්වය උග්‍ර අතට හැරි තිබේ. මෙම වෙඩි තැබිම සිදුව ඇත්තේ ඉන් අනතුරුවය.

මේ වන විට අදාල ඇමැතිවරයා මෙම සිදුවීම වසන් කිරීම සඳහා අසාර්ථක උත්සාහයක යෙදී සිටින අතර එම උත්සාහයද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන්ගේ හාස්‍යට හේතු වී තිබෙන්නේ ගලේ පැහැරූ බළලාගේ තත්වයට දැන් ඇමැතිවරයා පත්ව ඇති බව කියමිනි.

No comments:

Post a Comment