Sunday, 22 July 2012

ශූරයන් දෙන්නාට කාරය දර සෑයක් වේ

ඉතාලි ජාතික මෝටර් රථ ධාවන ශූරයින් දෙදෙනකු වූ වලේරියෝ කතෙලානි (37) හා දනියෙලා බෙර්තොනෙරි අද උදෑසන සිදු වූ රිය අනතුරකින් මියගියහ. ලූකා දිස්ත‍්‍රික්කයට අයත් බ්‍රෙන්කෝලි නගරයේදී පැවැත්වෙන මීළඟ තරගාවලිය සඳහා පුහුණුවීමක නිරත වෙමින් සිටින අතරතුරදී ඔවුන් පදවමින් සිටි ඇන්ජින් ධාරිතාව 2000ක් වූ ප්‍රොජොට් 2007 මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට පැන ගිනිගෙන මෙම අනතුර සිදුවිය. ඉදිරි තරගාවලියේදී කෙසේ හෝ තමන් ජයග‍්‍රහණය කරන බව ඔවුහු පසුගියදා ඉතාලි මාධ්‍ය හමුවේ කීහ.

No comments:

Post a Comment