Sunday 22 July 2012

නව ඉසෙඩ් අගයන්වලින් සමස්ත ලංකා මුල් ස්ථාන පවා වෙනස්වෙලා

පසුගිය වසරේ පැවති අපොස උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් නැවත ගණනය කොට නිකුත් කිරිමෙන් පසු ඇතැම් දිස්ත්‍රික් හා සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් පවා වෙනස්වී ඇති බව වාර්තාවේ. මුලින් නිකුත් කෙරුණු ප්‍රතිඵලවලට අනුව කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවේ සචින්තනී කෞෂල්‍යා දිසානායක නම් ශිෂ්‍යාවක් කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන සිටි අතර නව ඉසෙඩ් අගයන් නිකුත් කිරීමත් සමගින් කලා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටින්නේ ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ චමින්ද්‍රි උමේෂා ශිෂ්‍යාවයි. මේ අතර විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ නව ප්‍රතිඵලවලට අනුව නැවතත් මෙම වසරේ උසස් පෙළ විභාගයට ඉදිරිපත්වීමට අවශ්‍ය සිසු සිසුවියන් වෙනුවෙන් පහසුකම් සලසා දී ඇති බවයි. එම ප්‍රතිඵල මෙන්ම නැවත අයදුම් කරන ආකාරය පිළිබඳවද යන විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ බලාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

No comments:

Post a Comment