Monday 23 July 2012

පාගමනට එරෙහි වාරණය ඉවතට

පාගමනට එරෙහි වාරණය ඉවතට සමාජවාදී තරුණ සංගමය මගින් අද (23) සහෝදරත්වයේ දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ පාගමන හා රැලිය වළකවමින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කෙරුණු බව වාර්තා වේ. අද දින වව්නියාව අධිකරණය වෙත වාරණය ඉවත් කරන ලෙස සමාජවාදී තරුණ සංගමය මගින් ඉදිරපත් කරන ලද මෝසමක් සලකා බලමින් වව්නියාව මහේස්ත්‍රාත්වරයා ජාතීන් අතර එකමුතු බව ඇති වන මෙවැනි ක්‍රියාවලට සියලු දෙනා සහය දියයුතු බවත් මෙම ක්‍රියාව තුළ ජාතිවාදී හෝ නීති විරෝධී කිසිවක් සිදු නොවන බවට අධිකරණයට දෙනලද තොරතුරු පිළිබඳව අධිරණය සෑහීමකට පත්වන බවත් ප්‍රකාශ කර තිබේ. පොලීසිය විසින් ව්‍යාජ තොරතුරු දැක්වීම පිළිබඳව පොලීසියට අවවාද කළ අධිකරණය වෙනත් කණ්ඩායම් මගින් මෙම පාගමනට ඇතිවිය හැකි ගැටුම් වළක්වාලීමට පියවර ගන්නා ලෙස පොලීසියට උපදෙස් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

No comments:

Post a Comment