Tuesday 31 July 2012

පාසල් උත්සවයට හමුදාවට ආරධනා නොකළැයි බර බරේ

උතුරෙහි සිවිල් පාලනයතුල හමුදා මැදිහත්වීම දිගටම පවතින බවට බොහෝ පාර්ශිකයන් චෝදනා එල්ලකරමින් සිටින අතර රජය එය දිගින් දිගටම ප්‍රතික්‍ෂේපකරමින් සිටියි. උතුරෙහි සිවිල් පාලනයතුල හමුදා මැදිහත්වීම දිගටම පවතින බවට බොහෝ පාර්ශිකයන් චෝදනා එල්ලකරමින් සිටින අතර රජය එය දිගින් දිගටම ප්‍රතික්‍ෂේපකරමින් සිටියි. කිලිනොච්චිය කනගපුරම් මහා විද්‍යාලයේ ශ්‍රවනාගාරයක් ඉදිකිරීම සඳහා අද දින(01) පැවැති උත්සවයට හමුදාවට ආරාධනා නොකලැයි එම උත්සව සංවිධායකයන්ට හමුදා නිළධාරින් කිහිප දෙනෙකු විසින් තර්ජනය කර තිබේ. කිලිනොච්චිය කනගපුරම් මහා විද්‍යාලයට නිකොට් ආයතනය විසින් රැපියල් ලක්‍ෂ 40ක වියදමින් ශ්‍රවණාගාරයක් ඉදිකිරිම සඳහාවූ මුල්ගල් තැබීමේ උත්සවය උදෑසන 10ට සූදානම්කර තිබුණි. එම අවස්ථාවට අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවෙහි කොඨාශභාර අධ්‍යක්‍ෂක අමිර්දලිංගම් ඇතුළු නිළධාරීන්ට ආරාධනාකර මුල්ගල් තැබීමේ උත්සවය පැවත්වෙමින් තිබුණි. එම අවස්ථාවේ දී හදිසියෙන්ම පාසල් භූමියතුලට ඇතුළුවූ හමුදා නිළධාරීන් තිදෙනෙකු මුල්ගල් තැබීමේ උත්සවයට හමුදාවට ආරාධනා නොකළේ ඇයි? මෙම උත්සවයට සහභාගිවී සිටින්නේ කවුරැන්ද? මෙයට මුදල් වෙනකර තිබෙන්නේ කවුරැන්ද? යයි උප විදුහල්පති සේදුපති මහතාගෙන් දැඩි ලෙස ප්‍රශ්නකර තිබේ. තවද මින් ඉදිරියට පාසලයෙහි පැවත්වන සෑම උත්සවයකටම හමුදාවට දැනුම්දිය යුතු බවත් හමුදාවට නොදැන කිසිම උත්සවයක් නොපැවත්විය යුතු බවත් පවසා ගොස් තිබේ. මෙයින් දැඩිලෙස කුපිතවූ සංවිධායකයෝ පාසල් උත්සවයක් පවා තමන්ට නිදහසේ කිරීමට නොහැකි බව පවසා ඇත. තවද ඇතැම් පාසල්වල හා පොදු උත්සවලට යන හමුදාව තමන් සතුව සිංහල භාෂාවෙන් යුතු ජාතික ගීය ඇතුලත් සිටි තැටිද ගෙනගොස් ජාතික ධජය එසවීමේ අවස්ථාවෙහි එය විකාශනය කරන්නයි බලකරමින් සිටිති. මෙම නිසා බොහෝ ප්‍රදේශවල උත්සව සංවිධායකයන් හා හමුදාව අතර අර්බුදකාරි තත්වයක්ද ඇතිවී තිබේ. යමිකිසි ප්‍රදේශයක බහුතර ජනතාවන් කුමන භාෂාව කථාරන්නේද එම භාෂාවෙන් ජාතික ගීය විකාශනය කළ යුතුයයි රජය විසින් ප්‍රකාශ කර තිබෙන නමුත් කිලිනොච්චියෙහි බොහෝ ප්‍රදේශවල හමුදාව විසින් එය කඩකරමින් සිටියි. මෙවැනි ගැටළු සහගත තත්වයන් නිසා උත්සව රැසකදී උත්සවය ආරම්භවීමට ප්‍රථම ජාතික ධජය ඔසවා තැබීමේ සිද්ධි ද වාර්තාවේ.

No comments:

Post a Comment