Tuesday 31 July 2012

විදී ලාම්පුවලින් අඩක් නිවෙයි

දිවයිනේ විදී ලාම්පුවලින් 50%ක් හෙට සිට නිවා දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. එම අමාත්‍යාංශය පැවසූවේ, පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා සහ පළාත් පාලන නියෝජිතයින් සමග අමාත්‍ය චම්පික රණවක මහතා අද පැවැත්වු සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි. හෙට සිට සිය බලප්‍රදේශවල විදුලි ලාම්පුවලින් එකක් හැර එකක් දැල්වීමට පියවර ගන්නා ලෙස අද පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පළාත් පාලන ආයතන නියෝජිතයින්ගෙන් ඉල්ලා ඇත. දැනට දිවයින පුරා ස්ථාපිත මුළු විදුලි ලාම්පු සංඛ්‍යාව ලක්ෂ 8 ක් වන බවත් ඉන් නීත්‍යානුකූල අවසරය සහිතව ස්ථාපිත විදුලි ලාම්පු සංඛ්‍යාව ලක්ෂ 04කට අඩු බවත් අමාත්‍යවරයා පවසා තිබේ. එක් රාත්‍රියකට විදුලි ලාම්පුවක් දැල්වීම සඳහා වැය වන මුදල රුපියල් 150 කට අධික බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

No comments:

Post a Comment