Tuesday 31 July 2012

රිෂාඩ් මක්කම යයි. පොලීසිය සිල් ගනී

මන්නාරම දිසා අධිකරණ ගොඩනැඟිල්ලට ගල්මුල් ප්‍රහාරයක්‌ එල්ල කළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරනතුරු අද (31 ) දක්‌වා අධිකරණ වර්ජනය කිරීමට උතුරේ සියලුම නීතිඥවරු ඊයේ තීරණය කළහ. මේ අනුව යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වවුනියාව යන අධිකරණවල යළි රාජකාරි කටයුතු සිදුවීමට නියමිතව ඇත්තේ අගෝස්‌තු 2 වැනිදාය. රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා මන්නාරම අධිකරණයට ගල් ගැසූ පුද්ගලයා රටම හඳුනාගෙන ඇතත්, පොලිසිය ඔහු මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැත. මේ අතර සිය නඩු විභාග සඳහා විශාල පිරිසක්‌ ඊයේ (30 දා) උතුරේ අධිකරණවලට පැමිණි නමුත් ඔවුන්ගේ නඩු විභාග කිරීම ලබන සැප්තැම්බර් හා ඔක්‌තෝබර් මස දක්‌වා කල් දැමිණි. ලබන 6 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ වන විට මක්‌කම වන්දනාවේ ගොස්‌ ය. මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ගල් ගැසීම ට එරෙහිව උතුරේ පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව නීතිඥවරු ගෙන යන අරගලය මෑතකාලයේ ශ්‍රී ලාංකීය නීතිඥවරු දැක්වූ ප්‍රබලම විරෝධතා ව්‍යාපාරය වේ. එම සටන හුදකළා නොකර රක ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන නීතියේ ආධිපත්‍යය ගරු කරන අධිකරණයේ ස්වාධීනත්වය ගරු කරන සියලු පුරවැසියන්ගේ යුතුකමකි. වගකීමකි

No comments:

Post a Comment