Friday 10 August 2012
මැතිවරණ පැමිණිලි 110ක්
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 110 ක් මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබී තිබේ.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම සියලු පැමිණිලි පොලීසිය වෙත ලබාදීමෙන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
ලැබෙන පැමිණීලිවලින් බහුතරය නීති විරෝධී ප්‍රචාරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
මීට අමතරව රාජ්‍ය දේපළ අව භාවිත කිරීම සහ තර්ජනය කිරිම සම්බන්ධයෙන් ද පැමිණිලි කිහිපයක් ලැබී තිබේ.
මේ අතර මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ පළාත් සභා මැතිවරණය ආශ්‍රිතව කෑගල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධින් ඉහළ ගොස් ඇති බවයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ 84 ක් තමන්ට ලැබී ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ, කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පවසන්නේ තම ආයතනය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි 29 ක් ලැබී ඇති බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment