Friday 10 August 2012
අගුණුකොලපැලැස්ස OIC පුද්ගලෙයකුට අමානුෂිකව පහරදී බොරු නඩු පවරයි
මිද්දෙනියේ පදිංචි අජිත් කුසුම්සිරි එක් දරු පියෙක් වන අතර, ඔහු අවුරුදු 9 ක් යුධ හමුදාවේ සේවය කිරීමෙන් අනතුරුව ඉන් ඉවත් වී ගඩොල් කර්මාන්ත කම්කරුවෙක ලෙස ජීවිකාව ගෙන යයි. ජූලි 6 වන දින ශාන්ත නැමැත්තෙකුගේ ගෙවතු වගා බඩු වගයක් නැතිවීම සම්බන්ධව අජිත් කුසුම්සිරිගෙන් ඉහත ශාන්ත තැනැත්තා පැමිණ ප්‍රශ්ණ කර ඇති අතර, එය බහින් බස්විමක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම බහින් බස් වීම අවස්ථා කිහිපයකදිම සිදුවී ඇති අතර පසුව අජිත් විසින් පොලිස් හිදිසි ඇමතුම් එකකයට මේ සම්බන්ධව දුරකථනය මගින් පැමිනිලි කර තිබේ. එසේ කිහිප විටක්ම පැමිනිලි කිරීමෙන් පසුව මිද්දෙනිය පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර පසු දින එ සම්බන්ධව මිද්දෙනිය පොලීසිය තුළ පැවැති විභාගයේ දී ඉහත ශාන්ත නැමැත්තා තමන් කළ වරද පිළිගැනීමෙන් පසුව එය සමතට වී තිබේ.
නමුත්, එම විභාගයෙන් පසුව පසුව අජිත් මිද්දෙනිය පොලීසියේ රදවාගෙන අගුණුකොලපැලැස්ස පොලීසියට භාරදී තිබේ. එහිදි අජිත්ට පොලිස් ස්ථානාධිපති ඇතුළුව සාජන්වරයන් දෙදෙනෙකු ඉතා අමානුෂිකව පහරදිම නිසා ඔහුගේ කටේ දත් 3ක් කැඞී ගොස් තිබේ. මෙසේ පහර දෙන අවස්ථාවේ ඉහත ශාන්ත නැමැත්තා ද එම පොලිස් ස්ථානයේ සිට ඇත.
පසුව එම පොලීසියේ කොට් සාජන්වරයා අජිත්ට දන්වා ඇත්තේ ගංජා කිලෝ දෙකක් ලග තබා ගත් බවට නඩුවක් පවරා මාස 3 කට රිමාන්ඞ් කරන බවයි. එසේ නොකරන්නැයි අජිත් බගෑපත් වූ විට රුපියල් පහලොස්දහසක් අජිත්ගෙන් ඉල්ලා තිබේ. පසුව රුපියල් දාලොස්දාහක් එම නිලධාරියාට ගෙවන බවට පොරොන්දු වීමෙන් පසුව ගංජා මිටයක් ලග තබා ගත්තා යැයි පවසා බොරු නඩුවක් පවරා ඇත. එම ගංජා මිටියද ගෙන්වාගෙන ඇත්තේ අජිත්ගෙන් රුපියල් 200 ක් ලබා ගෙන යැයි අජිත් පවසයි.
අජිත් ජුලි 09 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් දෙදාහක දඩයක් නියම කර තිබේ. ඉන් පසුව ඉහත කෝට් සාජන්වරයා අජිත් සමග බැංකුට ගොස් ඉහත පොරොන්දු වූ මුදල අජිත්ගෙන ලබා ගෙන තිබේ. පසුව අජිත් මේ සම්බන්ධව මිද්දෙනිය පොලීසියට 2012 ජුලි 10 වන දින වාචිකව පැමිනිලි කර ඇති අතර, පාරිලිමේන්තු මන්තී‍්‍ර නාමල් රජපාක්ෂගේ බෙලිඅත්ත කාර්යාලයටද මේ පිළිබදව පැමිනිලි කර තිබේ.
මේ කිසිවකින් ඵලක් නොවු නිසා ජුලි 13 වන දින උදේම අජිත් මිද්දෙනිය බස් නැවතුමේ වහලයට නැගී තමන්ට වූ අසාධාරණයට එරෙහිව උපවාසයක් ආරම්භ කර ඇත. මෙය ජන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ විය. පසුව එම ස්ථානයට පැමිනි තංගල්ල පොලිස් අධිකාරී බලගල්ල මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ ලේකම් මහේෂ් මහතා අජිත්ට සාධාරණ ඉටුකරන බව පැවසීම නිසා අජිත් උපවාසය අත්හැර තිබේ. සිද්ධියට මාසයක් ගත වීමට ආසන්න ඇතත් තමන්ට තව දුරටත් සාධාරණයක් ඉටු නොවූවොත් ඉදිරි දිනයකදී ජනාධිපතිතුමාගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස ඉදිරිපිට දී නැවතත් උද්ඝෝෂණයක් සිදු කරන බව ඔහු පවසයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment