Wednesday, 15 August 2012

හෙට සිට පැය 3 ක විදුලිය කප්පාදුවක්

දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හෙට සිට පැය තුනක් පමණ දක්වා ඉහළ දැමීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සභාපති අනුර විජේලාල් මහතා පැවසුවේ, කාණ්ඩ තුනක් යටතේ විදුලි කප්පාදුව සිදුකිරීමට අපේක්ෂා කරන බවයි. නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන තෙක් මෙලෙස විදුලි කප්පාදුවක් සිදුකිරිමට සිදු වන බව ද නියෝජ්‍ය සභාපතිවරයා සඳහන් කළේය. විදුලිය කප්පාදු කරන වේලාවන් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරනු ඇති.

No comments:

Post a Comment