Saturday, 18 August 2012

ආහාර විෂ වී සිසුන් 60ක් රෝහලේ

ආහාර විෂවීමක් හේතුවෙන් රෝගීවු විල්ගමුව, හඳුන්ගමුව මහාවිද්‍යාලයේ ළමුන් 60 දෙනෙකු රෝහල්ගත කර තිබේ. හදුන්ගමුව පර්යන්ත රෝහලේ වෛද්‍ය නිලධාරී භාග්‍යා ජයසිංහ මහත්මිය සඳහන් කළේ, එම ළමුන් පාචන රෝගී තත්වයෙන් පෙළෙන බවයි. ඊයේ විල්ගමුව කලාප අධ්‍යාපන කාර්යාලය මෙම ළමුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ. එහිදී ලබා දුන් ආහාර විෂ වීමෙන්, මෙම රෝගී තත්ත්වය ඇතිවී තිබෙන බව හඳුන්ගමුව මහා විද්‍යාලයේ විදුහල්පති වසන්ත ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment