Friday 10 August 2012

80%ට විරුද්ධ වූ නිසා සරසවිය වසා දමයි

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ. එහි ලේඛකාධිකාරී නිල්මිණි දියබෙදනගේ මහත්මිය පැවසුවේ, සිසුන් පන්ති වර්ජනයක් ආරම්භ කර තිබීම හේතුවෙන් එම පියවර ගත් බවයි. දේශන සඳහා සිසුන්ගේ පැමිණිම 80% අනිවාර්ය කිරීමට විරෝධය පළ කරමින් එම පන්ති වර්ජනය ආරම්භ කර ඇති බව ද ලේඛකාධිකාරීවරිය සඳහන් කළාය. එවැනි තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාලය විවෘතව තැබීමෙන් සිදුවන මුල්‍ය හානිය පිළිබඳ සලකා තාවකාලිකව අධ්‍යයන කටයුතු නතර කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සියලු සිසුන් අද උදෑසන 8.00 ට පෙර විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් කිරිම ට පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment