Friday 10 August 2012

විදුලි සේවකයෝ වැඩවරති

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද දහවල් සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සහ එහි තාක්ෂණ සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ අදාළ වැඩවර්ජනයට එක්ව සිටී. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණ ද එය අසාර්ථක වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පවසන්නේ තම වැටුප් විෂමතා ඉවත් කරන බවට ආණ්ඩුව ලිඛිත එකගතාවක් පළ කළ යුතු බවයි. ඒ අතර ලංකා විදුලිබල මණ්ඩල‍යේ සභාපතිවරයා පැවසුවේ, බිදවැටුණු නොරොච්චෝලේ බලාගාරය අද රාත්‍රි වනවිට යථා තත්ත්වයට පත් කිරිමට ඉංජිනේරුවන් දැඩි උත්සාහයක නිරත වන බවයි. පසුගිය දිනවල අක්‍රියව පැවති කෙරවලපිටිය බලාගාරය යථා තත්ත්වයට පත් කර හෙට වනවිට මෙගාවොට් 150 ක් පමණ ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු සදහන් කළේය. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, තවදුරටත් වැසි ‍නොලැබුණහොත් හෝ තාපබලාගාරවල අවදානමක් ඇතිවුවහොත් දැනට විදුලිය විසන්ධි කරන පැය දෙකයි විනාඩි 15 ක කාලය දිර්ඝ කිරිමට සිදුවනු ඇති බවයි.

No comments:

Post a Comment