Saturday, 4 August 2012

පුෂ්පලතාගේ සිරුරෙන් ඉදිකටු ඉවතට

කුවේටයේදී වධ හිංසාවට ලක්ව පැමිණි ජයන්ති පුෂ්පලතා මහත්මිය බලංගොඩ රෝ‍හලේදී ශල්‍යකර්මයකට භාජනය කර තිබේ. ශල්‍යකර්මයෙන් ඇගේ සිරුරේ තිබී ඉදිකටු දෙකක් ඊයේ පස්වරුවේ ඉවතට ගත් බව බලංගොඩ රෝහල් අධිකාරිවරයා සඳහන් කළේය. 26 හැවිරිදි ඇය මේ වන විට බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය. මැදබැද්ද, කල්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක වන ජයන්ති පුෂ්පලතා මහත්මිය නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ කැලණිය ප්‍රදේශයේ ඒජන්සියක් මගින් පසුගිය දෙසැම්බර් මාසයේ තමන් විදේශගත වූ බවයි. රැකියාව කළ නි‍වසේ කාර්ය බහුලත්වය නිසා ඇය කුවේට්හි පිහිටි රැකියා නියෝජිතායතනය වෙත පැමිණි බවත් එහි සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක තමන්ට වධ හිංසා කළ බවත් ඇය පැවසුවාය.

No comments:

Post a Comment