Saturday 4 August 2012

මෙන්න තවත් මගඩියක්-අධ්‍යාපන අමාත්‍යංශය රෙදි ඇදන් හෙළුවෙන්!

අධ්‍යාපනය සම්බන්ධයෙන් මැතක අසන්නට ලැබුනු කිසිදු පුවතක් සුබදායි නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ.ඉතිහාසය පුරාවටම රටේ විවිධ ක්ෂත්‍රයන් අර්බුදයන්ට ලක්වුවද මෙතරම් බොරු කියන,හාස්‍යයට ලක්වන අධ්‍යාපන ඇමතිවරුන්,නිළධාරින් සිටි බවක් නම් මතකම නැත. අධ්‍යාපන අමාත්‍යංශයෙම තවත් කාර්‍යභාරයක් වන්නේ පාසල් සිසුන් සදහා නිළ ඇදුම් නොමිළයේ බෙදාදිමයි. පසුගිය වසරේ වැඩිපුරම කථාභහට ලක්වු පාසල් නිළ ඇදුම් බෙදාදිම මෙවරද අනාගැනිමේ සුදානමක් පවතින බව වාර්තා වේ.මේ වන විටත් ඊට අදාල බොහෝ කටයුතු අවසන් වි ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශය ජනතාවද නොමග යැවිමට කටයුතු කර ඇති බවට තොරතුරු ‍රැසක් වාර්තා වෙමින් තිබේ. 2012 වසර සදහාද පාසල් නිළ ඇදුම් ලබා දිමේ දි විවිධ වංචා දුෂණ සිදුවු අතර ළමයි සදහා ලබාදු රෙදි තත්ත්වයෙන් ඉතා බාල බවට පාර්ලිමෙන්තුව තුල පවා කථාබහට ලක්විය.රාජපක්ෂ ආණ්ඩුවට නම් බාල වැඩ කිරිම පිළිබදව හොද අත්දැකිමක් තිබේ. මේ ලියන මොහොතේද දෙවන වරටත් බාල තෙල් සිංගප්පුරුවෙන් ගෙනත් අවසන්ය. 2012 වසර සදහා බෙදාදුන් බාල නිළ ඇදුම් සදහා රෙදි සැපයුම භාර ගෙන ඇත්තේ 'ගොලෝබල් ක්ලොත්' පුද්ගලික සමාගමය. ඒ හරහා අධ්‍යපන බළධාරින් මාටියා ගසා තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත.මන්ද වී තිබුනේ එයය. 2013 වසර සදහා නිළ ඇදුම් ලබා ගැනිම සදහා පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය ටෙන්ඩර් කැදවුම් කළේය. එම ටෙන්ඩර කැදවිම සඳහා අමාත්‍ය මණ්ඩලය ප්‍රසංපාදන කමි‍ටුවක් පත් කළ අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගොඪාභය ජයරත්න මහතායි. මේ නිළ ඇදුම් රෙදි ලබා ගැනිම සදහා කැදවු ටෙන්ඩර් කමි‍ටුව ක්‍රියාකළ අකාරයම හරිම අමුතුය. සාමාන්‍යයෙන් අධ්‍යයාපන අමාත්‍යංශය කටයුතු කටයුතු කරන්නේ අසාමාන්‍ය ලෙස බව මෙවර ඉසෙඩ් ලකුණු නිර්මාණය කළ ආකාරයෙන් ද ඔවුන් ඔප්පුකර තිබේ. ඒ අමුතු වැඩේ මෙසේය. සාමාන්‍යයෙන් යම් සැපයිමක් සදහා එක ආයතනයකට තමන්ගේ මිළ ගණන් සදහන් කොට සැපයිය හැක්කේ එක් ටෙන්ඩර පත්‍රිකාවකි.නමුත් අධ්‍යපන අමාත්‍යඅංශය අමුතුම ක්‍රමයක් හදුන්වා දි තිබේ.ඒනම් එකම සාම්පලයක් සදහා ටෙන්ඩර පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් කිරිමට හැකියාව ඇති බවයි. මෙම ටෙන්ඩර සදහා සමාගම් 3ක් ඉදිරිපත් වි සිටි අතර 2012 වසර සදහ බාල රෙදි සැපයු 'ගොලෝබල් ක්ලොත් පුද්ගලික සමාගම'ද එ අතර විය.ඊට අමතරව 'ලංකා සළුසල' සහ 'පැසි‍ෆික් ට්‍රේඩ් නෙට්වර්ක් පුද්ගලික සමාගම'ද එ අතර විය. 2012 ජුලි මස 27 වැනිදින උදැසන 10ට අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රය තුල ටෙන්ඩර් පරික්ෂා කිරිමෙදි ගොලෝබල් ක්ලොත් පුද්ගලික සමාගමෙන් රෙදි මිටරයක් සදහා මිළ ගණන් දෙකක් ඉදිරිපත්වි තිබු අතර ඉන් එක් මිළක් සදහන් වුයේ ඩොලර් 0.98ක් සහ එම රෙදි මිටරයම සදහා ඩොලර් 0.81කි. ලංකා සළුසල ඩොලර් 0.4 ද පැසි‍ෆික් ට්‍රේඩ් නෙට්වර්ක් පුද්ගලික සමාගම ඩොලර් 0.89ක් ලෙසද සදහන් විය. එ අනුව ඉතා වංචනික ආකාරයට සළුසල හලා නැවත් ගොලෝබල් ක්ලොත් පුද්ගලික සමාගමටම රෙදි ටෙන්ඩරය ලබාදි ඇත. ඒ අනුව ඔප්පුවෙන එක් කාරනයක් තිබේ. ඒනම් 2012 වසර සදහ ගොලෝබල් ක්ලොත් පුද්ගලික සමාගම ලබාදුන් ඉතා බාල රෙදි මිටරයක් සදහා අධ්‍යාපන අමාත්‍යංශය ඩොලර් 1.03ක් බැගින් ගෙවා තිබේ.නමුත් පුදුමයට කාරනය නම් 2012 වසර සදහා ලබා දුන් රෙදි වර්ගයට වඩා ඉස්තරම් රෙදි සාම්පලයක් මෙවර ඉදිරිපත්කර ඇති අතර එ සදහ මිළ නියමව ඇත්තේ ඩොලර් 0.81කි. මෙවර එසේ අඩු මිළක් නියම වූයේ හිටි හැටියේ ලෝක වෙළඳ පොළේ රෙදි මිළ පහත වැටීම නිසා ද නැතිනම් ගියවර බලධාරීන් අත කොමිස් කුට්ටියක් කැරකුනාද යන්න පැහැදිලි නැත. එමෙන්ම මෙම ටෙන්ඩර් පත්‍රිකා යොමුකර තිබු ගොලෝබල් ක්ලොත් පුද්ගලික සමාගම සහ පැසි‍ෆික් ට්‍රේඩ් නෙට්වර්ක් පුද්ගලික සමාගම යන සමාගම් දෙකම අයත්ව ඇත්තේ එකම පුද්ගලයෙකුට බව අපට අනාවරණය කර ගැනිමට හැකියාව ලැබි තිබේ. එ අනුව මෙම සමාගම් දෙකහිම අයිතිකරු ලෙස කටයුතු කරනුයේ සත්ජය ලක්සුමනගේ නැමති පුද්ගලයෙකි.ඔහු රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදිප් ගුණවර්ධන මහතාගේ ළඟම මිතුරෙකු වේ. මෙහේ ඇති අනෙක් බරපතලම කාරණාව වන්නේ ටෙන්ඩර විවෘත කිරිමෙන් දින දෙකකට පසුව එනම් ජුලි මස 29 වැනිදා රජයේ නිළ ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන NEWS.LK වෙබ් අඩවියේ පලව ඇති ප්‍රවෘත්තිය ය. . එම පුවතට අනුව 2013 වසරට නිළ ඇදුම් සදහා රෙදි සපයනු ලබන්නේ ලංකා සළුසල ලෙස සදහන්ව තිබේ. එම පුවත ඇතැම් මාධ්‍ය ආයතන පවා ගෙවුනු සතියේ මෙම පුවත පලකර තිබේ.

No comments:

Post a Comment