බදුල්ල මහ රෝහල ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට පොලීසිය මීට ටික වේලාවකට පෙර කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසූවේ, බදුල්ල මහ රෝහලේ සුළු සේවකයින් පිරිසක් අද පෙරවරුවේ මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇති බවයි.
එය විසුරුවා හැරීමට පැමිණි පොලීසියට එම සේවකයින් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග මෙම තත්ත්වය හටගත් බව ඔහු සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ, සිද්ධියෙන් බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා තුවාල ලබා ඇති බවයි.
No comments:
Post a Comment