Monday, 20 August 2012

පාසල්වලට පැමිණිලි පෙට්ටි

ළමා අපචාර ඇතුළු ළමුන්ට එරෙහි විවිධ වධ හිංසා සම්බන්ධ පැමිණිලි ලබා ගැනීම සඳහා තවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටී. අදාළ සිදුවීම් පිළිබඳ පැමිණිලි බහාලීම සඳහා පාසල් තුළ පැමිණිලි පෙට්ටියක් තැබීම මෙම වැඩපිළිවෙලට අයත් ය. යම් සිදුවීම්වලට අදාළව පාසල් දරුවන්ට කිසියම් පැමිණිලි වෙතොත් අදාළ පෙට්ටියට එම පැමිණිලි බහාලිය හැකි අතර එම තොරතුරු අනුව ඉදිරි පරීක්ෂණ මෙහෙයවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

No comments:

Post a Comment