Friday, 10 August 2012

අයිය නගෝ මරණ පරීක්ෂණයේ දුම්රිය රියැදුරුගේ සාක්කිය

මම වැඩිවියට පැමිණීමේ උත්සවයට මියගිය අයියාත්, අක්කාත් පැමිණ සිටියා. මුල්වරට අයියා දැකලා හඳුනා ගත්තේ එදායි. ඔවුන් දෙදෙනාත් මමත් එක කුස උපන් සහෝදර යින් බව මා දැන ගත්තා” යැයි ගාල්ල, මිනුවන්ගොඩදී දුම්රියට පැන දිවි නසාගත් යුවගේ මරණ පරීක්ෂණයේදී එම යුව බාල සොයුරියක වන කුරුණෑගල, මල්කඩුවාව පදිංචි නිශාන්ති ප්‍රේමතිලක (12) නැති දැරිය සාක්ෂි දෙමින් පැවසීය. මෙම යුවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල, කරාපිටිය රෝහ‍ලේ හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේදී ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක යූ.කේ. තිලකරත්න මහතා විසින් (09) පවත්වන ලදී. මෙහිදී තවදුරටත් සාක්ෂි ලබාදුන් එම දැරිය මෙසේ ප්‍රකාශ කර සිටි. “මගේ වැඩිවිය පැමිණීමේ උත්සවයට මියගිය අයියත් අක්කත් ආවා. ඔවුන් එම උත්සවයෙන් පසු ටික දිනක් අපේ ගෙදර රැඳී සිටියා. ඉන් ටික දිනකට පසුව මගේ මව අසනීප වී රෝහල් ගත කළා. ඇයට සාත්තු කිරීමට මම රෝහ‍ලේ නතර වී සිටියා. ඒ වනවිටත් අක්කයි, අයියයි අපේ ගෙදර හිටියේ. ඔවුන් හිටිවනම ගෙදරට නොදන්වා ගිහින් තිබුණා. “අගෝස්තු හය වැනිදා (06) මොවුන් දෙදෙනා හලාවත මුන්නේෂ්වරම් ‍පොලිස් මුර‍පොළේදී ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දැන ගන්නට ලැබුණා. නමුත් අගෝස්තු අට (08) ගාල්ල ‍පොලීසියෙන් දුරකථන ඇමතුමකි දැන ගන්නට ලැබුණා මොවුන් දෙදෙනා දුම්රියක ගැටී මියගොස් ඇති බව'' යැයි ඇය පැවසිය. මෙහිදී සාක්ෂි දුන් අනතුර සිදුවූ දුම්රියේ රියැදුරු වන කේ.ජී.ජී. සිරිසේන යන අය මෙසේ සාක්ෂි . “ගාල්ල සිට මාතර බලා ධාවනය වන දුම්රියේ මා රියැදුරු ලෙස සේවය කළා. පසුගිය අට වෙනිදා රාත්‍රී මා ගාල්ල සිට මාතර බලා දුම්රිය ධාවනය කරන විට ගාල්ල, මිනුවන්ගොඩ බිං ගෙය අසලදී දුම්රිය මාර්ගයේ මහත පුද්ගලයෙකු නිදා සිටන බව පෙනුණා. මම වහාම දුම්රියේ තිරිංග තද කළා. එහෙත් දුම්රිය නිදා සිටි පුද්ගලයා යට කරගෙන ගොස් දුම්රිය නැවතුනා. මම වහාම දුම්රියෙන් බැස, සහායක සමග මියගිය පුද්ගලයා බැලීමට ආවා. ඒ වනවිටයි දැන ගත්තේ එතැන පිරිමියෙක් මෙන්ම කාන්තාවක්ද එකට තදින් වෙලී සිටි බව. පසුව ඔවුන් දෙදෙනාගේ සිරුරු කටුගොඩ දුම්රිය ස්ථානයට භාර දුන්නා. අනතුර සිදුවන විට වෙලාව රාත්‍රී අටයි පනහට පමණ ඇති” යැයි හෙතෙම පැවසීය. අනතුරින් මියගිය බි.ජී. දිනිත් ප්‍රියශාන්ත විජේරත්න (22) සහ නිරෝෂා හර්ෂනී ප්‍රේමතිලක (21) යන අයගේ මව වන තාමර හේවගෙදර සුධර්මා (40) යන අය මෙසේ සාක්ෂි දෙන ලදී. “මියගිය දරුවන් දෙදෙනා මුන්නේෂ්වරම් ‍පොලිස් මුර‍පොළේදී අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ බව මට දැන ගන්නට ලැබුණා. පසුව ආරංචි වුණා එම ස්ථානයේ පිටත්ව ගොස් ඇති බව. අට වෙනිදා රාත්‍රී ගාල්ල ‍පොලීසියෙන් කතා කරලා කිව්වා එම දරුවන් දෙදෙනා ගාල්ලේදී දුම්රිය අනතුරකින් මියගොස් ඇති බව.

No comments:

Post a Comment