Wednesday, 29 August 2012

සුද්දට ඉතුරු අඩුමකුඩුම දෙන්න වෙන්නේ ගමේ කෙල්ලට

උතුරු මැද පළාතේ ජල හිඟයට හේතුව නියඟය නොවන බැව් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ නොච්චියාගම පැවති ජන හමුවක දී පැවසී ය. එහි දී තව දුරටත් අදහස් දැක් වූ දිසානායක මහතා, “පසුගිය අප්‍රේල් මාසේ 22 වැනිදාත් කලාවැව දොඹගෙඩිය වගේ පිරිලා තිබුණා.ජූනි මාසේ වෙන කොට වැව හිඳුනා,ඒකට හේතුව මොකක්ද? වැව් ඉස්මත්තවල් කපලා ගොඩ කරලා මහ කැලෑව ඩෝසර් කරලා හෝටල් හැදුවා සුද්දන්ට රැලි පෙන්නන්න.වැස්ස වහින කොට එක වැස්සයි වහින්නේ,පස් ටික ඔක්කොම හෝදගෙන ඇවිල්ල කලා වැවේ අඩියේ තැන්පත් වුණා.දැන් යනවා ආණ්ඩුවේ ව්‍යාපෘතියක් වැව ලස්සන කරන්න.වැව් ඉස්මත්තේ හෝටලේ,වැව් බන්ට් එකේ කාපට් දාපු පාර.වැව යටින් තව පාරක්,වැව අයිනේ උද්‍යානය,තිසා වැව ලස්සන කරනවා,කාටද?සුද්දන්ට උද්‍යානය,සුද්දන්ට පාර,සුද්දන්ට හෝටලය,සුද්දන්ට දර්ශනය,මොකටද මේ හදන්නේ?සුද්දන්ට ඉතුරු අඩුම කුඩුම දෙන්න වෙන්නෙ කාටද?ගමේ කෙල්ලට,හොඳද“

No comments:

Post a Comment