අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී හරූන් ලෝගාඩ් මහතා අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස වැඩ ආරම්භ කෙළ්ය.
ඔහු ලබන ඔක්තෝම්බර් මාසය දක්වා සේවය කරන අතර එම කාලය තුළ මෙරට ක්‍රිකට් ක්‍රිඩාවට සම්බන්ධ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරනු ඇති.
ලෝගාඩ් මහතාගේ වගකීම පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස මහතා පැවසූවේ, එය සෑම අංශයකටම විවෘතව පවතින බවය.
මෙහිදී ලෝගාඩ් මහතාට ගෙවන වැටුප පිළිබඳ මාධ්‍යවේදීන් විමසුව ද එය හෙළි කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය
No comments:
Post a Comment