Monday, 27 August 2012
ආණ්ඩුවේ පල්ලම් බැසීම ආරම්භ වෙලා - බිමල්
ආණ්ඩුවේ පල්ලම් බැසීම මීට වසරකට පෙර ආරම්භ කළ බවත් මෙම මැතිවරණයේදී ආණ්ඩුව තව තවත් පල්ලම් බසින බවත් ජවිපෙ මධ්‍යමකාරක සභික බිමල් රත්නායක මහතා කියා සිටී. ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුවේ පැවැති මැතිවරණ රැස්වීමකදීය.
යුද්ධයේදී තම ගම් බම් රැකගත් කන්තලේ ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව ඉඩම් අයිතිය අහිමි කරමින් සිටින නමුත් බහුජාතික සමාගම් වලට ඉඩකඩම් දීමට මැලි නොවන බවත් ගොවි ජනතාවගේ වගාවන්වලට ජලය ලබාදීමට ඇති වැව් සීප්ලේන් බැස්සවීමට බහුජාතික සමාගම්වලට බදුදෙමින් සිටින බවද ඔහු පැවසීය. පෞද්ගලික අංශයට ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප් පනතක් ගෙනා ආණ්ඩුව දණගැස්වීමට පෞද්ගලික අංශයේ සේවකයින්ට හැකිවූ බවත් ජනතා විරෝධී ආණ්ඩුව ගෙදර යැවීමට රටේ බහුතර ජනතාව වීදි බසිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ ඊට නායකත්වය දෙන බවත් ඔහු පැවසීය.
එදින ජවිපෙ මැදිහත්වීමෙන් ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ද පැවැත්විණි.
2012 පළාත් සභා මැතිවරණයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම් නායක බී.අයි. ආබ්දීන් මහතා ඇතුළු අපේක්ෂකයින් පිරිසක් මෙම රැස්වීමට සහභාගී විය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment