Sunday 26 August 2012

හොරණදී පියෙකු සහ දියණියක ඝාතනය කෙරේ

හොරණ, මොරගහහේන ප්‍රදේශයේදී පියෙකු සහ දියණියක වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 8.30 ට පමණ මොරගහහේන, පොල්හේන ප්‍රදේශයේදී එම වෙඩි තැබීම සිදුව ඇති බවය. සිද්ධියෙන් තුවාල ලැබූ මව මේ වන හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නී ය. පියා, දියණිය සහ ඇයගේ මව යතුරු පැදියකින් යමින් සිටියදී, නවතා තිබූ යතුරු පැදියක සිටි මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබ ඇති බව පොලීසිය සඳහන් කළේය. අදාළ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූයේ, 33 හැවිරිදි සුසන්ත ප්‍රේමකුමාර නැමැත්තා සහ තොෂා‍නා නවාංජනා නැමති සිව් හැවිරිදි දියණිය යි. ඔවුන් මොරගහහේන, පොල්හේන පදිංචිකරුවන් ය.

No comments:

Post a Comment